Skip to main content.

පටිච්ච සමුප්පාද විවරණ

යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි.  පටිච්චසමුප්පාදය තමන්ට ඉතා පහසුවෙන් වැටහෙන්නේ යැයි ආනන්ද හිමියන් සදහන් කළ විට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.“ ආනන්ද, එසේ නොකියන්න. මෙම පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරුය. එය තේරුම් නොගැනීම හේතුවෙන් සත්වයෝ විවිධ ගැටළු තුළ පැටලි අතරමංව අවසානයේ අපායේ උපත ලබයි.” පටිච්චසමුප්පාදය යනු සහේතුක බවයි, සප්‍රත්‍ය බවයි, අහේතුක ප්‍රත්‍ය නොවන බවයි. එනම් ලෝකයේ පවතින සියළුම පුද්ගල සිද්ධි යන සියල්ලටම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයකට අනුව ක්‍රියාත්මක වන බවයි. මෙහි හේතු යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි ප්‍රතිපලයක් ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුවයි. උදාහරණයක් වශයෙන් ගසක් ගතහොත් අංකුරයක් ඇති වීමට ප්‍රධාන වන්නේ බීජයයි. එනම් එය හේතුවයි. ඒ සදහා (ශාකය වර්ධනයට) බලපාන අනෙක් සාධක ප්‍රත්ය‍ය යනුවෙන් හදුන්වනු ලබයි. එනම්, පස, ජලය, වාතය ආදියයි.  ඉමස්මිං සති ඉදං හොති – මෙය ඇති කල්හි මෙය වෙයි ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති – මෙය ඉපදීමෙන් මෙය උපදී ඉමස්මිං අසති ඉදං න හොති        – මෙය නැති කල්හි මෙය නොවේ ඉමස්ස නාරෝධා ඉදං නිරුජ්ජති    – මෙය නැති වී යාමෙන් මෙය නැති වී යයි බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ උන්වහන්සේ මෙනෙහි කළේ ක්‍රමානුකූලව දුක ඇතිවන අයුරුත් දුක නැතිවන අයුරුත්ය. අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා-මරණ යන මේවා එකිනෙක සම්බන්ධ වීම නිසා දුක හටගන්නා බව උන්වහන්සේ    පටිච්ච සමුප්පාදය  යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.

Chapters

පටිච්ච සමුප්පාද විවරණ 1

50:48

පටිච්ච සමුප්පාද විවරණ 2

1:01:57

පටිච්ච සමුප්පාද විවරණ 3

1:00:30

පටිච්ච සමුප්පාද විවරණ 4

58:53

පටිච්ච සමුප්පාද විවරණ 5

1:01:18

පටිච්ච සමුප්පාද විවරණ 6

1:01:42

පටිච්ච සමුප්පාද විවරණ 7

1:04:40